ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 16 වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය



ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 16 වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා කෘතින් භාරගැනීම දැන් ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය (FIAP) හා ඇමරිකානු ඡායාරූප සංගමයන් (PSA) මගින් අනුමත කොන්දේසි යටතේ පවත්වන ප්‍රදර්ශනයක් වන මෙහිදී Best Author ඇතුළුව තවත් ජාත්‍යන්තර පදක්කම් සහ සහතිකපත් 61ක් දිනාගැනීමට මෙමගින් ඔබට අවස්ථාව උදාවී තිබේ.

ඒකවර්ණ, වර්ණ හා ස්වභාවධර්ම හා වනජීවී (Monochrome, Colour & Nature) ලෙසින් තරඟ අංශ තුනක් යටතේ මේ සඳහා කෘතින් ඉදිරිපත් කල හැක.

AFIAP, EFIAP, MFIAP වැනි ජාත්‍යන්තර සුදුසුකම් ලබාගැනීමට ද ඔබට අවස්ථාව උදාවනු ඇත.