කැමරා කාරයෝ.. ඡායාරූප ශිල්පයට ආදරය කරන්නන් හට ඉතා දුක් බර කතාවකි.

    ඡායාරූප ශිල්පය යනු මගේ ජීවිතය හා සමාන වචනයකි.  ඡායාරූප ශිල්පයට මා එතරම් ආදරය කරමි. එබැවින්  ඡායාරූප ශිල්පයට අද අත්වී ඇති ශෝකනීය ඉරණම දරාගැනීමට අපහසුය. මා මෙසේ ලියන්නේද එබැවිනි. බැලු බැලු හැම අතම අඩියෙන් අඩිය පැල් කොටයක් අටවාගෙන ඊටත් විශාල බෝඩ් කැල්ලක් ගසාගත් වෘතීය  ඡායාරූප ශිල්පීන්ය කියාගන්න කැමරා කරුවෝය. හැමදෙනාගේම අතේ බකචන් කැමරාවක් හෝ තිබේ එය  ඡායාරූප ශිල්පයේ උන්නතිය යයි පවසන්නාවූ සමහරුන්ද ඇත.
නමුත් මා දකින්නේ එය  ඡායාරූප ශිල්පයේ අවසානය ලෙසය. පොපෙෂන්ල් ෆොටෝග්‍රැෆර් ලා කියාගන්න අයද බවිත කරන්නේ අදුනික කැමරාය මේ සියලු විපර්යාසයන් සිදුවුයේ ඩිජිටල් තාක්ෂනය නම්වූ පිලිලයත් සමගය. එදා සිටි ජෙෂ්ට කළා ශිල්පීහු අද පැත්තකය ඔවුන් හඳුනන්නෝ ද ඉතා අල්පය. අද වැඩර් ලා වී ඇත්තේ බකචං මෝඩ කේ දමාගෙන ගහන්නන් වාලේ පොටෝ ගසා ෆොටෝෂොප් පිහිටෙන් ගොඩ යන කැමරා කරුවෝය. මොවුන්ට අණක් ගුණක් නැත  ඡායාරූප ශිල්පයේ සාරධර්ම නැත. අඩුම තරමේ  ඡායාරූප ශිල්පය යනු කුමක්ද යන්නවත් දන්නේ නැත. ඉතින් ඩිජිටල් තාක්ෂණයෙන්  ඡායාරූප ශිල්පයේ උන්නතිය සිදුවුවායි කියන්නේ කෙසේද?

    මේ සියල්ලටම වඩා ශෝකනීය කරුණනම් පාසල්  ඡායාරූප ශිල්පීන් ගොස් ඇති දුරයි. ඔවන් කිනම් මානසිකත්වයකින් සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් යම් කිසි වැඩිහිටියෙකු අවවාදයක් දුන් විට එය පිලිගනීම වැදගත්ය. මා මෑතකදී පාසල්  ඡායාරූප ශිල්පියෙකුට මුහුණු පොතෙන් උපදෙසක් දුන්නෙමි. එය නොපිළිගත් ඔහු මට දුන් පිළිතුර මෙසේ විය."  Advise ekak denna ona nam msg ekak dala kiyanna...ok?nikan comment karala pora wenna hadanna epa... " ඉතින් අප කියන්නේ කාටද?

    මට වඩා වැඩිමල් පුද්ගලයින්ද මා අසලට පැමිණ මගෙන් උපදෙස් ලබාගනියි. ඒ මා පොරක් නිසා නොව මා දන්නා දෙය කෙසේ හෝ තවකෙකුට කියාදීමට මා හට ඇති හැකියාව නිසාය. මා කිසිම දිනක කාටවත් පුද්ගලිකව අවවාද කර නැත. කියනදේ පොදුවේ හැමදෙනාටම කියමි. එසේ කරන්නේ මාහට පොරක් වීමට නොවේ. සියලු දෙනාටම දැනුම බෙදා දීමේ අරමුණිනි. කෙසේ වෙතත් ඡායාරූප ශිල්පයේ අනාගතය සියලු දෙවි දේවතාවන්ටම බාර කරමින් මම මෙය අවසන් කරමි.

    මාද්‍යට කෙසේ වෙතත් ඡායාරූප ශිල්පීන්ට නම් සාරදර්ම පද්දතියක් සකස් කලයුතු කාලය එළඹ ඇත. නැතහොත් ඡායාරූප ශිල්පයේ අවසානය අත ළඟය෴