මමයි කැමරාවයි: ඇස් දෙක වාගේ රැකගන්නම්

මමයි කැමරාවයි: ඇස් දෙක වාගේ රැකගන්නම්: මාස හතරකට විතර පස්සේ ඔන්න එහෙනම් ආපහු ලියනවා. මාස හතර ඇතුලේ ආලෙන් වේලිලා මූට බ්ලොග් එක ගැන මෙලෝ මතකයක් නැතුව ඇතියි කියලා හිතුනනම් සොරි වෙන්න...

මමයි කැමරාවයි: අවුරුද්දට Phone එකෙන් Macro (Macro කීවට Micro)

මමයි කැමරාවයි: අවුරුද්දට Phone එකෙන් Macro (Macro කීවට Micro): ඉතින් කස්ටිය කෝමෙයි ජීවිතේ..  අවුරුද්ද උඹලව කාලද ?? නැත්තම් උඹලා අවුරුද්ද කන ගමන්ද ඉන්නේ මට නම් හෙන අවුල් කොහො මිසින් උන එකට මේ පාර ස...

මමයි කැමරාවයි: එක අලියයි හෙන්ඩු ගොඩයි

මමයි කැමරාවයි: එක අලියයි හෙන්ඩු ගොඩයි: කැමරාවක් ගන්න ගොඩක් අය තාමත් හරියට දන්නෙ නෑ කැමරාවෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය ගැන. මම දන්නවද කියලවත් මම දන්නෙ නෑ. එ නිසා හිතුව දන්න දේවල් ටි...

මමයි කැමරාවයි: ලෙන්ස්, ඔව් ලෙන්ස් ගැන

මමයි කැමරාවයි: ලෙන්ස්, ඔව් ලෙන්ස් ගැන:

ලෙන්ස්, ඔව් ලෙන්ස් ගැන

කාලෙකට කලින් මගේ යාලුවෙක් මට කිව්වා ( මතක විදියට චාමර නුවන්දික වෙන්න ඕන ) ලෙන්ස් ගැන පොඩ්ඩක් ලියන්න කියල. ඇත්තටම ලෙන්ස් ගැන ලියනවනම් බොහොම පොඩ්ඩයි තමයි ලියන්න වෙන්නේ මොකද කියනවනම් එච්චරටම ලෙන්ස් තියනවා මම දන්නා කිහිපය ඇරෙන්න.

ලෙන්ස් ගැන කතාකරන්න කලින් අපි ටිකක් බලමු මොකක්ද ලෙන්ස් එකකින් වෙන්නේ කියන දෙය . සරලවම කියනවනම් ලෙන්ස් එකෙන් කරන්නේ බාහිර ලෝකයේ තියන වස්තුවක ප්‍රතිබිම්බයක් කැමරාවේ සෙන්සරය තුල නිපදවන්න අතරමැදියකු විදියට වැඩ කරන එක.
බොහොම සරලව 
view finder එකෙන් අපි දකින දෙය ෆොටෝ එකකට ගන්න උදව්වෙන්නේ ලෙන්ස් එක මගින්. අපි ලෙන්ස් එක හරි කාචය කියලා කිව්වට එක ඇතුලේ කාච පද්දතියක් හෙවත් ලෙන්ස් ගොඩක් තියනවා . ඒවා මගින් තමයි බාහිර තියන වස්තුවක ප්‍රතිබිම්බයක් නියමිත ප්‍රමාණයකින් සාර්ථක ලෙස සෙන්සරය මත ගොඩනගන්නේ.

ලෙන්ස් එකක් ගනිද්දී බොහෝ දෙනා බලන දේවල් තියනවා, vr හෝ is තියනවද , ෆුල් ෆ්‍රේම් කැමරාවකට දාන්න පුලුවන්ද , ෆෝකසින් මෝටරය මොකක්ද වගේ ප්‍රශ්න ගොඩක් අහනවා ලෙන්ස් එකක් ගන්න ගියාම. අපි මේ දේවල් එකෙන් එක හිමින් කතාකරල බලමු. ඊට පස්සේ

කැමරාවේ වර්ගය කුමක් හෝ වේවා දැන් හැමෝම පාවිච්චි කරන්නේ auto focus ලෙන්ස් හෙවත් ස්වයන් නාභිගත ක්‍රියාවලිය සහිත ලෙන්ස්. හේතුව ගත්තම ඔටෝ ෆෝකස් තියනවා කියන්නේ ( අපි කැමරාවෙන් සකස්කරන තැන ස්වයන්ක්‍රියව පැහැදිලි කරගැනීම ) බොහොම පහසුවක්.

හැම ලෙන්ස් එකකම මේ පහසුකම තියනවද ? නැ .................

වර්තමානයේ වෙළඳපලේ තියන ගොඩක් ලේන්ස්වල මේ පහසුකම තියනවා ඒ නිසා අලුත් ලෙන්ස් හැම එකක්ම ඕනෑම කැමරාවක් එක්ක පාවිච්චි කාරන්න පුළුවන්කම තියනවා ............

සමහර  තැන් ගැන තව ටිකක් පැහැදිලි කරන්නම්......

හැම කැමරා වර්ගයකම කැමරා බඳේ  ( body එකේ ) ලෙන්ස් හයිකරන තැන ( ලෙන්ස් mount එකට කියන නමක් තියනවා ) ඒ නිසා කැමරාවකට ලෙන්ස් එකක් හයි කරන්න කලින් ඒ ගැන ටිකක් හොයලා ඉන්න එක හොදයි.