ඡායාරූපකරණය සහ කැමරාව යනු කුමක්ද?

ඡායාරූපකරණය (Photography) යනු,
ආලෝකය මාද්‍ය කොටගෙන පෙනෙන මානයේ පවතින යම් භෞතික වස්තුවිශයක් ද්විමාන තලයක ස්ථාවර ලෙස සටහන් කරගැනීමේ ක්‍රියාවලියයි.

   

වර්ෂ 1826 දී ප්‍රංශයේ ජෝසප් නිප්සේ විසින් ලොව ප්‍රථම ඡායාරූපය නිර්මාණය කරන ලදී.    
නිප්සේ විසින් ගන්නා ලද ඡායාරූපය.

සමබර තාවය පිලිබඳ විශේෂ අවධානයක් යොමුකරන ලද සහ විශේෂයෙන් තෝරාගත් සීමිත වටපිටාවක් සහිත ඡායාරූපයකි. මෙය සෞන්දර්යාත්මක වස්තු සංවිධානයක් සඳහා හොඳ උදාහරණයකි. පසු කාලීනව විචාරකයෝ සොබාදහම විචිත්‍රණය කිරීමේ පන්සලක් ලෙස ඡායාරූප ශිල්පය හඳුන්වාදීමේදී මෙය ඒ සඳහා නිදර්ශනයක් ලෙස ඉදිරිපත් ලරන ලදී.


කැමරාව (Camera)

කැමරාවක් යනු අඳුරු කුටියක් වන අතර එහි එක් මුහුණතක ආලෝකය පාලනය කල හැකි උපාංගයක් සහිත කාචයක් ඇති අතර ඊට ඉදිරිපසින් බිත්තියේ ඇතුලතමුහුණතේ ආලෝක සංවේදී අඳුනක් හෝ අංකිත සංවේදකයක් (Digital Sensor) ඇති උපකරණයක් කැමරාවක් ලෙස හැඳින්විය හැක.