මමයි කැමරාවයි: මගේ Photography හැලුනු කොටස්

 මම ෆොටෝ ගන්න විදිය ගැන ලිව්වට මොකො ඉතින් ලියල අනික් පැත්ත හැරුනු ගමන්ම තිමියා හෙවත් පනුච්චි මගෙන් ඇහුවෙ "ඔච්චරද, මොනාහරි අඩුයි වගේනෙ?" කියල, මමත් ඉතින් කිව්වෙ ඔච්චර තමා කොහොමත් යමක් කරන්න කාලයක් ගතවෙනව කියල. එහෙම කිව්වත් මොකො ටික දවසක් යද්දිනෙ මතක් උනේ ටිකක් හැලිලයි කියල :D
මුලින්ම සොරි කියල පටන්ගන්නම් එහෙනම්!


Pix by- Lukshan Malintha
ඉස්සර තමා, මට උනත් පොඩිකාලෙ අම්මා තාත්තා කිව්වෙ ෆ්රේම් එකේ මැද්දට ෆොටො එකෙ ඉන්න කෙනා හිටින විදියට ගන්න කියලා. ඒක ඇත්තෙන්ම යල්පැනගිය ක්‍රමයක්. නානාවිඳ රීති අතරෙ මම පිලිපදින රීතියක් තමයි ස්වර්නමය රීතිය. Golden Points කියලත් කියනව......
සරළවම කියන්නම්කො, ඡායාරූපයක තියන වැදගත්ම කොටස, අන්න එතනට තමයි අපේ ඇහැ යන්නෙ නිතැතින්ම. එන්න ඒ ඡායාරූපයේ තියන වැදගත්ම කොටස වැඩියෙන්ම ඇහැ යන තැනක රඳවනව.
තව ටිකක් පැහැදිලි කලොත් අපි ගන්න ෆොටො එකෙ වැදගත්ම තැන, මූනක ෆොටෝ එකක්නම් වැදගත්ම තැන තමයි ඇස. ගොඩක් වස්තූන් තියනවනම් ඒ අතරින් ප්‍රභලවම ඡායාරූපයෙන් දෙන පනිවිඩය තීර්ව කරන්න උපයෝගී කරගන්නා දෙය. අන්න ඒ දෙය රඳවන්න ඕන තැනක් තියනව.
මුල් ඡායාරූපය
රූපය සමාන කොටස් නවයකට බෙදුවම ඒකෙ මැද තියන කොටුවෙ කොන් හතරෙන් එකකට හෝ ඒවා කිහිපයක් කැපෙන ලෙස අපේ "වස්තුව" හෙවත් වැදගත්ම කොටස පිහිටුවීම තමයි Golden Point.

වැඩි විස්තර FBහී Photo Talk කන්ඩායමේ තියන මේ Doc එකෙන්....
මේකත් වටිනව




මමයි කැමරාවයි: මගේ Photography හැලුනු කොටස්

ලෝවනය​: කිඩාරම් මල



ලෝවනය​: කිඩාරම් මල
: කිඩාරම් මල |  භාගතකිරීම   | Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photo...

මමයි කැමරාවයි: ගහමු Panorama

හරි මුලින්ම බලමු පැනරෝමාවක් කියන්නේ මොකක්ද කියලා..
සරලවම කියනවා නම්...
එක පින්තූරයකින් ආවරණය කරන්න බැරි තරම් පුළුල් ප්‍රදේශයක් අල්ලලා ගන්න පින්තූර තමා..
ඒ කියන්නේ හද්ද වයිඩ් ඒව්වා..

පැනරොමාවකට උදාහරණයක්

හරි අපි දැන් බලමු කොහොමද පැනරොමාවකට ගැලපෙන්න පින්තූර ගන්නෙ කියලා... 

කැමරාව සකස් කරගන්න ආකාරය...
මේකට අපි යොදාගන්න කාචය .. පුළුවන් තරම් වයිඩ් වෙන තරමට හොදයි..
සාමාන්‍ය ඩිජිටල් කැමරාවක උනත් පුළුවන් තරම් සූම් අවුට් කරලා ගන්න ..
එතකොට ලේසියි මට නම්.. (හැබැයි පැනරොමාවේ ඩීටේල් ගොඩක් ඕන නම් කොටසින් කොටස සූම් කරලා ගන්න.. ඒත් ඉතින් align කරද්දි ටිකක් අමාරුයි..) හම් .. කමක් නෑ..
ආහ්.. තව එකක් කැමරාවේ මැනුවල් සෙටින්ස් හදන්න පුළුවන් නම්. එහෙම හදාලා තියා ගන්න ..
එතකොට කලර් බැලන්ස් ලු ගොඩක් දුරට..
මමයි කැමරාවයි: ගහමු Panorama

මමයි කැමරාවයි: Manual දාලා ෆොටෝ ගමු

අද කතා කරමු කැමරාවේ තියන Exposure Modes ගැන. ඕනෑම කැමරාවකින් ෆොටෝ හරියට හෝ වැරදියට හෝ කොහොමහරි වදිනවයි කියන්නේ එකේ තියන කාරනා තුනක්බලපානවා. ඒ තුන තමයි සිංහලෙන් ද්වාර වේගය, කාච විවරය සහ පටල සංවේදීතාව හෙවත් තේරෙන සිංහලෙන් Shutter speed, Apeture සහ ISO. කොච්චර චාටර් ෆොටෝ එකක් ගත්තත් ඒ ෆොටෝ එකේ ඔය ටික තියනවා. නමුත් හරියට ෆොටෝ එකක් ගන්නනම් ඔය තුන අදාළ තැනට ගැලපෙන ආකාරයට ගලපගන්න වෙනවා. අධාල තැනට කිව්වේ මොකක්ද? ෆොටෝ එකක් ගත්තම එකේ පාට විතරක් තිබ්බම මදි. අවස්තාව පෙන්වන්නත් ඕන. තරගයකදී හෝ වේගයෙන් චලනයවන වස්තුවක චායාරුපයක හොල්මනක් වගේ ඇදිලා ගිය රුපයක් තිබුනොත් හරියන්නේ නැහනේ. එහෙනම් එතන තියන අවස්තාව වගේම වර්ණත් හරියට ගැලපෙන්න ඕන.....
මමයි කැමරාවයි: Manual දාලා ෆොටෝ ගමු

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 16 වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය


ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී ප්‍රසාද් හපුආරච්චි මහතා සහභාගී වූ රූපවාහිනී වැඩසටහන

ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී ප්‍රසාද් හපුආරච්චි මහතා 2013 ජුලි මස 9 ස්වර්ණවාහිනී නාලිකාව මගින් පැවැත්වූ රූපවාහිනී වැඩසටහනකට සහභාගීවිය. මේ එහි පටිගත කරගත් දර්ශනයකි.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 16 වැනි ජාත්‍යන්තර ප්‍රදර්ශනය



කෘතීන් බාරගන්න අවසාන දිනය 2013 ජුලි මස 08 වන දා දක්වා දීර්ග කර ඇත.

ඉක්මනින් අයදුම් කරන්න.

කැමරා කාරයෝ.. ඡායාරූප ශිල්පයට ආදරය කරන්නන් හට ඉතා දුක් බර කතාවකි.

    ඡායාරූප ශිල්පය යනු මගේ ජීවිතය හා සමාන වචනයකි.  ඡායාරූප ශිල්පයට මා එතරම් ආදරය කරමි. එබැවින්  ඡායාරූප ශිල්පයට අද අත්වී ඇති ශෝකනීය ඉරණම දරාගැනීමට අපහසුය. මා මෙසේ ලියන්නේද එබැවිනි. බැලු බැලු හැම අතම අඩියෙන් අඩිය පැල් කොටයක් අටවාගෙන ඊටත් විශාල බෝඩ් කැල්ලක් ගසාගත් වෘතීය  ඡායාරූප ශිල්පීන්ය කියාගන්න කැමරා කරුවෝය. හැමදෙනාගේම අතේ බකචන් කැමරාවක් හෝ තිබේ එය  ඡායාරූප ශිල්පයේ උන්නතිය යයි පවසන්නාවූ සමහරුන්ද ඇත.