ඡායරූප ගැනීමට පූර්ව අවසරයක් ගතයුතුය (කියවන්න, මදක් සිතන්න, එකා මෙන්නම පෙළ ගැසෙන්න)


ඉහත දැක්වෙන නිවේදනය ගාල්ල Dutch Hospital හි පලකර ඇති අතර ඡායරූප ගැනීමට පූර්ව අවසරයක් ගතයුතු බව එහි සිOහලෙන් පමණක් සදහන් වේ.ආරක්ශක අ0ශ විසින් ඡායරූප ගැනීමට බාදා කල අතර ඔවුන් පැවසුවේ එය කොලඹින් පැමිණි නියොගයක් බව සහ ඒ පිලිබදව ඔවුන් කිසිවක් නොදන්නා බවයි.. එසේ නම් දැන්වීමෙහි දුරකතන අන්කයක් සදහන් කර තිබිය යුතුය.. එසේද නැත.
Dutch Hospital නවීකරණයට මුදල් මැදමුලනෙන් ගෙනාවේ නැත... පොලොන්නරුවෙන් ගෙනාවේද නැත.. නාගරික ස0වර්දන අධිකාරියේ ලොකු පුටු වල ඇත්තන්ගේ මව් වරුන්ගේ බූදලයෙන් අනුග්‍රහයක් ලැබුන බවක් ද දැන ගන්නට නැත.. මහජන මුදලින් සන්වර්ධනය කල ස්ථානයකදී එම ප්‍රදේශයේ පුද්ගලයින්ට ඡායාරූපයක් ගැනීමට වත් නැති නිදහස කවරක් දැයි නැවත සලකා බැලිය යුතුව ඇත.තත්වය එසේ තිබියදී ව්දෙශිකයින් සහ ඉන්ග්‍රීසි කතා කරන පුද්ගලයින් ගනනාවක් අවට ඡායරූප ගැනීමෙහි යෙදී සිටි අතර ඒ සදහා කිසිදු විරූදතාවයක් ආරක්ශක අ0ශ ඉදිරිපත් කලේ නැත.
යුද්ධයද අහවර වී ඇති බැවින් අප ත්‍රස්ථවාදීන් යැයි සැක කිරීමට හේතුවක් ද නැත.එසේ නම් ඉන් අදහස් වණු ඇත්තේ මෙය ගාල්ලේ ඉපදී ගාල්ලේ නගරසභාවට සහ ආසන්න ප්‍රදෙශීය සභාවන්ට ආදායම් බදු ගෙවන දකුණේ ඡායාරූප/රූපලාවන්ය/නිරූපණ වෘත්තිකයින් වන සින්හල කතා කරන අපට පමණක් මෙම නීතිය පණවා ඇති බවකි.
එසේත් නැතහොත් ගාල්ලේ සිටින ඉහත සදහන් වෘත්තිකයින් නිකම්ම නිකම් පොටො කාරයින් , සැලුන් කෙල්ලන් සහ ප්‍රසිද්ද වීමට දගලන කෙල්ලන් කොල්ලන් ගනනට දමා කරන ලද්දක් ද විය හැක....
තිබෙන සබදතා මත සහ Shape න්‍යාය අනුගමනය කරමින් ආරක්ශක නිලදාරීන්ට පින්සෙන්ඩු වෙමින් බොහො දෙනෙකුට එදා වේල Photo Shoot කරගැනීමට හැකි බව මම පිලිගනිමි...
පුද්ගලානුබද්ධ යම් යම් මතබෙදයන් අප අතර ඇති බව නොරහසකි... නමුත් එකිනෙකා හා සැබැදි කාර්යයන්හි නියුතු අපි තනි තනිවම තම තමාගැන පමණක් නොසිතා සුවිශේෂ සමාජ උප සන්ස්ක්කෘතියක සාඩම්බර සාමජිකයින් වශයෙන් සිතා කිසිවෙකුට යටත් නොවී, කරන වෘත්තියයෙහි වෘත්තීය අභිමානය රැක ගත යුතු යැයි ඔබ සිතන්නේ නම් මේ ඒ සදහා කාලය යැයි සිතමි...
ප:ලි - කොතරම් නීති රීති දමා තිබුනද කාට හො කතාකර තාවකාලික අවසරයක් ලබා ගැනීම මා හට එතරම් අරුමය නොවේ.. එසේ නම් මේ පිලිබද කෑගසන්නට මූට ඇති අමාරුව කුමක්දැයි ඔබට අනිවාර්යෙන්ම සිතෙනු ඇත.. කවුරුන් හො කතිකාවත ආරම්භ කර යුතු යැයි සිතුනු බැවින් මා මෙසේ එය ආරම්භ කලෙමි.... ඉතිරිය ක්ශෙත්‍රයෙ ප්‍රවීනයන්ට භාරය... අඩුම තරමේ මේ ගැන උනන්දුවක් දක්වන්නේ නම් Inbox පණිවිඩයක් යොමු කරන්න... නැතහොත් sms පණිවුඩයක් මගින් වත් දැනුවත් කරන්න..
Rangana Perera. 0776 03 7750