නිකෝන් FX පවුලේ නවතම පෙරලිකාරයා – D750

නිකෝන් කැමරා ප්‍රියකරන ඔබට එම සමාගම විසින් හදුන්වාදුන් නවතම FX මාදිලියේ Full Frame DSLR  කැමරාව D750 වේ. D610 ත් D810 ත් අතරමැදි කැමරාවක් ලෙසින් හදුන්වා දුන්නද මෙහි සුවිශේෂී ලක්ෂණ රැසකි. D610 ඉක්මවා යන සහ D810, D4S වැනි කැමරා මාදිලියන් හි ඇති පහසුකම් කැටිකරගත් මෙම කැමරාව මෙගා පික්සල් 24.3ක ධාරිතාවයෙන් යුතු CMOS  සංවේදකයකින් (Sensor) සන්නද්ධ වේ. වීඩියෝ කිරීමේ හැකියාව සහිත FX මාදිලියේ නිකෝන් කැමරා අතර D750 සැහැල්ලූම සහ විශාලත්වයෙන් කුඩාම කැමරාවයි.

Tilting LCD Monitor

FX මාදිලියේ කැමරා අතර හැරවිය හැකි LCD තිරය සහිත ප්‍රථම කැමරාව D750 වේ.
D750_24_120_left-650-80D750_24_85_back34r_2-650-80
නිෂ්චල ඡායාරූප ගැනීමේ දී මෙන්ම DSLR වීඩියෝකරණයේ දී, රූගත කරන දර්ශනය දැකීමට අපහසු කැමරා කෝණ ඔස්සේ කැමරාව මෙහෙයවීමේ දී මෙය පහසුවකි. මෙසේ හැසිරවිය නොහැකි දර්ශන තිරය සහිත කැමරා මගින් එවැනි කෝණ ඔස්සේ රූගත කිරීමේ දී දර්ශනය නිවැරදිව රාමුව තුල පිහිටුවා ගැනීම (composition) අපහසු වේ. (උදා : භූමි මට්ටමට ඉතාම ආසන්න කැමරා කෝණ / අප හිසෙන් ඉහලට කැමරාව ඔසවා ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම) නමුත් D750 කැමරාවේ ඇති මෙම හැරවිය හැකි LCD තිරය මගින් ඉහත අපහසුතාවය මගහරවා ඇත.
අගල් 3.2ක ප්‍රමාණයෙන් යුතු මෙම දර්ශන තිරය ඉතා ඉහල විභේදනයකින් (resolution) සහ අංශක 170ක පුලූල් පරාසයක විහිදුන, නිවැරදි වර්ණ සහිත, සුපැහැදැලි දසුන් ලබාදෙයි.

Built- in Wi-Fi

D750 යනු නිකොන්  FX මාදිලියේ කැමරා අතර Wi-Fi තාක්ෂණික පහසුකම සහිත ප්‍රථම කැමරාවයි. මෙමගින් අමතර උපාංග කිසිවක් සවිකිරීමෙන් තොරව කැමරාව smart devices (smart phone / tab) සමග මීටර් 30ක පමණ දුරක් අතර රැහැන් රහිතව සම්බන්ධතාවක් (wireless communication) ගොඩනැගිය හැකිය. ඡායාරූප ගන්නා අවස්තාවේදී smart phone හෝ tab තුල එම ඡායාරූප ගබඩා කිරීම, කැමරාවේ සජීවි දර්ශන (live view) smart phone හෝ tab තිරය මතට ලබා ගැනීම, දුරස්ථ පාලනය (remote controlling) වැනි පහසුකම් මෙම කැමරාව තුලම ස්ථාපිත Wi-Fi තාක්ෂණය ඔස්සේ ලබාගත හැක.

Sensor and Image Area Selection

මි.මී. 35.9 x 24 ප්‍රමාණයේ CMOS වර්ගයේ සංවේදකයක් යොදා ඇත. මිලියන 24.3 ක සඵල පික්සල (24.3 effective mega pixels) ප්‍රමාණයකින් යුතු බැවින් ඉහල ගුණාත්මක තීක්ෂණ ඡායාරූප ලබාදෙයි. ඡායාරූප ගැනීමේ දී පිළිඹිබු ප්‍රමාණ නැතහොත් image area sizes 03la  FX,  1.2x, සහ DX ලෙසින් තෝරා ගැනීමට පහසුකම් සපයා ඇත. D750 සමඟ FX සහ DX දෙවර්ගයේ ම කාච භාවිතා කළහැකි අතර DX කාච භාවිතයේ දී කැමරාව ස්වයංක්‍රීයව image area, DX ලෙස සකස්කර ගනී. වීඩියෝ කිරීමේ දී මෙම image area size තෝරා ගැනීම FX සහ DX යන ආකාරයන් ට සිදුවේ. මෙම තෝරා ගැනීම් වලට අදාලව පහත පරිදි සංවේදකයේ වර්ගඵලයන් රූප ග්‍රහනය කරගැනීමේ දී යොදා ගැනේ.
FX DX
මෙසේ image area sizes තෝරා ගැනීමට පහසුකම් සලසා තිබීම මගින් DX සහ FX යන දෙආකාරයේ ම නිකෝන් කාච භාවිතා කිරීමට ලැබීමත්, විශාල enlargement prints අවශ්‍ය නොවන විට කුඩා image area size තේරීම මගින් ඡායාරූප ගබඩාකිරීමට memory card තුල විශාල ඉඩක් වැය නොවීමත් වාසි දායක වේ.

Wide Sensitivity Range and Image Quality

100 සිට 12800 දක්වා විහිදී ගිය ISO සංවේදීතා පරාසය (ISO sensitivity range) නිසා උපරිම සිට අවම ආලෝක තත්ත්වයන් දක්වා ඡායාරූපකරණයේ විශිෂ්ඨ ප්‍රතිඵල අත්විදිය හැකිය. අවශ්‍ය නම් තව දුරටත් ISO පරාසය Lo1 (ISO 50) සහ Hi2 (ISO 51200) දක්වා වෙනස් කළ හැකිය. විශාල පික්සල සහිතව වැඩි දියුණුකරන ලද සෙන්සරය සහ Expeed 4 රූප සැකසුම් තාක්ෂණයෙන් (Image Processing Engine) මෙන් ම වැඩි දියුණුකර ඇති Advanced Multy CAM 3500II ස්වයං නාභිකරණ ක්‍රමවේදයන් ගෙන් D750 සමන්විතය. එබැවින් උච්ච හෝ ඉතා අවම ආලෝක තත්ත්වයන් තුල මෙන් ම, අවම පැහැ අන්තරයන් සහිත දර්ශනයක් වුව ද පහසුවෙන් නාභිගත කර noise වලින් තොරව ඉතා හොඳ details මට්ටමක් ඇති ඡායාරූප ලබා ගතහැකිය.

51 Focus Points

D4S සහ D810 මට්ටමට වැඩි දියුණු කළ නාභිකරණ ලක්‍ෂ්‍ය (focus points) 51කින් යුතු ස්වයං නාභිකරණ පද්ධතියකින් D750 කැමරාව සන්නද්ධ කර ඇත. එබැවින් ඉතා වේගවත් සහ නිවැරදි නාභිගත කිරීමකට ඉන් හැකියාව ලැබී ඇත. එමෙන්ම Advanced Multy CAM 3500II තාක්ෂණය සමඟ Single point AF, 51 Points Dynamic Area AF, 3D Tracking AF, Group Area AF වැනි නාභිකරණ ක්‍රමවේද (focusing modes)  මගින් දර්ශන නාභිගත කිරීම තවත් පහසුකරවා ඇත.

Enhanced Video Filming Facilities

වඩා නිර්මාණශීලී ලෙසත් පහසු ලෙසත් වීඩියෝ කිරීම සඳහා පහසුකම් සපයා ඇත.

New Dedicated Movie Shooting Menu

ප්‍රධාන මෙනුව තුල වීඩියෝ කිරීම් වෙනුවෙන් ම වෙන්කරන ලද උප මෙනුවක් අලූතෙන් ම හදුන්වා දී ඇත. එහි විවිධ තාක්ෂණික පහසුකම් පෙලගස්වා තිබීම මගින්, Video filming settings වෙනස් කිරීම එක මෙනුවක් තුල ඉක්මනින් සහ පහසුවෙන් සිදු කළ හැකිය.
තත්පරයට රූප රාමු 60ක් දක්වා වේගයක් සහිතව, full HD (1920×1080) විභේදනයකින් යුතුව විනාඩි 30ක් දක්වා අඛන්ඩ රූගත කිරීමක් සිදු කළ හැකිය. noise අවම කිරීමේ තාක්ෂණයෙන් පරිපූර්ණ බැවින්, ඉහල ISO අගයන්හි දී පවා ඉතා සුපැහැදිලි සහ තියුණු රූප රාමු සහිතව වීඩියෝ කිරීමට හැකිය.
ආකාර කීපයකින් යුතු meatering ක්‍රමවේදයන් නිසා සෑම විටම නිවැරදි අනාවරණයන් (correct exposure) ලබා දෙයි. ශ්‍රමායික ක්‍රමවේදය (manual mode) යටතේ ස්ථාවර ද්වාර වේගයක් සහ ස්ථාවර කාච විවර අගයක දී ස්වයංක්‍රීරය ISO පාලනයක් (auto ISO controlling) යටතේ රූගත කිරීම් කළ හැකිය. මෙහි දී අඳුරු සහ ආලෝකමත් ස්ථාන 2ක් අතර කැමරාව ගමන් කරවමින් සිදු කරන රූගත කිරීමක දී, කැමරාව විසින් ස්වයංක්‍රීයව ISO අගය පාලනය කරමින් වීඩියෝ ක්ලිපය පුරා නිවැරදි අනාවරණයක් පවත්වා ගනී. සංවේදීතාව පාලනය කළ හැකි stereo microphones, රූගත කිරීම් අතරතුර වුව ද සුමට ලෙස ක්‍රියාත්මක  power aperture controlling, රූගත කිරීම් අතරතුර දීම HDMI කේබලය හරහා භාහිර උපාංගයක් තුල රූගත කරන වීඩියෝව save කිරීමට හැකිවීම වැනි පහසුකම් නිසා D750 වීඩියෝ රූගත කිරීම වින්දනාත්මක අත්දැකීමක් වනු ඇත.අත්දැකීමක් වනු ඇත.

High Shutter Durability

තත්පර 30 සිට තත්: 1/4000 දක්වා ද්වාර වේගයන් ට (shutter speeds) අනුකූලව, වාර 150,000 ක් දක්වා ද්වාරය (shutter) නිවැරදිව ක්‍රිරයාකරයි. FX සහ DX ක්‍රමවේද දෙආකාරයට ම, අඛණ්ඩ JPEG රාමු උපරිමය 100 ක් දක්වා තත්පරයට රූප රාමු 6.5 ක වේගයෙන් ක්‍රියාකරයි. (burst shutter)
තවද,
ප්‍රධාන අරමුණ අධික ලෙස ආලෝකමත් තත්ත්වයන් වල දී. එම අරමුණ අධි අනාවරණයට ලක් වීම වලක්වන highlight-weighted metering වැනි ක්‍රමවේද සහ spot white balance වැනි ක්‍රමවේද මගින්, පාරිසරික ආලෝක තත්ත්වයන් යටතේ ඡුායාරූප ගැනීමේ දී ඇති වන අපහසුතා රැසක් මගහරවනු ලබයි.
එමෙන් ම, Advance Scene Recognition System (දර්ශණ හදුනා ගැනීමේ ක්‍රමය) මගින් රූප රාමුවට ග්‍රහණය කරගන්නා දර්ශනයේ පැහැ අන්තරය, දීප්තිය, වර්ණය සහ උච්චාලෝක ස්ථානයන් හි (highlight areas) පැතිරීම මනාව හදුනා ගනිමින් ගුණාත්මක බවින් ඉහල ඡුායාරූප ලබා ගැනීම ට මග පාදා දෙයි.
ඉහත පහසුකම් සහ තවත් තාක්ෂණික ක්‍රමවේද රැසකින් සන්නද්ධ D750 කැමරාව weather sealed (දුහුවිලි සහ දහඩිය මෙන්ම වැහි බිංදු ඇතුලට නොයන සේ සැකසූ) ශක්තිමත් කැමරා බඳ මැග්නීසියම් සහ කාබන් මිශ්‍රරව නිමවා ඇත. එබැවින් රළු පාරිසරික තත්ත්වයන් තුල වුවද කැමරාව පරිහරනයට බිය විය යුතු නැත.
AF-S Nikkor 24-120 mm f/4 G ED VR කාචය සමඟ හෝ කැමරා බඳ පමණක් ලෙසින් Nikon D750 කැමරාව දැන් ලාංකේය වෙළඳ පොළින් මිලදී ගත හැකිය.
– ජයනාත් ඉලංගකෝන් –

Nikon D750 – SPECIFICATIONS

Sensor24.3 MP FX, CMOS, 35.9X24.0 mm
Native ISO Sensitivity100-12,800
Boost Low ISO Sensitivity: 50
Boost High ISO Sensitivity: 25,600-51,200
 Processor EXPEED
Metering System3D Color Matrix Meter III with Highlight Weighted Metering
ShutterUp to 1/4000 and 30 sec. exposure
Shutter Durability150,000 cycles
Max. Continues Speed6.5 fps
Auto Focus SystemAdvanced Multi- CAM II with Group Area AF
51 focus points
LCDTilting 3.2 inch LCD. 1,229 k dots
Viewfinder100% coverage
StorageSD, SDHC, SDXC 2 card slots
File formatsNEF (RAW) 12 or 14 bit , JPRG, MOV for movie shooting
Movie CapabilityFull HD(1920x1080p) |@ 60fps max
Built-in FlashYes
In-camera HDR capabilityYes
Built-in Wi-FiYes
Battery typeEN-EL 15
Battery life1230 shots
1230 shotsWeather Sealed, Magnesium Alloy
Dimensions141x113x78 mm
Weight750g
– ජයනාත් ඉලංගකෝන් –