මල්ලියේ....

ගොඩක් කැමරා උන තියන පොඩි පොඩි උන් (පොඩි කිව්වෙ වයස එහෙම) මුලින්ම කිට්ටු වෙන්නෙ ඔය ගමේ ඉන්න ෆොටෝග්‍රැෆර්ස්ලට. මොකද කියනවනම් බොහෝ අය හිතන්න පෙලබෙනව ස්ටූඩියෝ එකක් තිබ්බම වෙඩිමක් කලාම අදාල පුද්ගලයා පොරක් කියලා. ඉතින් කට්ටිය ටිකක් හොයල බලලා ඉන්න හොඳම පොර ගාවට කිට්ටු වෙනවා. මමත් එහෙමයි වගේ තමයි. 3000ඩී එකෙන් වැඩදාන පොරකගෙ ඉඳන් 5ඩී එක කාපාලු කරන කොටලුවො දක්වාම මමත් දන්නවා. ඉතින් ඔහොම ලංවෙලා නිවාඩු පාඩුවෙ ස්ටූඩියෝ එක අස්සට රින්ගන පොඩි එකා SLR එකක් අතපත ගාලා , ලෙන්ස් එක කරකවලා මුලින්ම හාහාපුරා කියලා වගේ ප්‍රෝ ලයිට් දෙකකුත් දාලා මොකක්හරි ෆොටෝ එකක් ගන්න පුරුදු වෙනවා. ඔහොම ඇපිචර්, ශටර්, ISO ගැන කියවන පොර ටික දවසක් ගිහින් මෙහෙම යෝජනාවක් කරනවා. "මල්ලි වරෙන් නිවාඩුවක් තියන වෙලාවක වෙඩින් එකකට යන්න" ඉතින් මොකක් හෝ හේතුවක් මත පොඩි එකාත් කැමති වෙනවා. ඔන්න වෙඩින් එකට ගියාම තමයි මාර. අරූ ලස්සන ලස්සන කෑලි අතපත ගානවා, එහෙට හරවනව මෙහෙට කරනවා එක විකාරයයි. ඒ අස්සෙ සමහර අමාරුව තියන බඩු කෑලි ඇවිල්ලා වචනයක් දෙකක් දානවා. අම්මපා මගෙ ඉස්සරහම ටයර් සෑයක් වගේ ගෑනියෙක් 40
පැනපු ෆොටෝග්‍රැෆර්ට කිව්වනෙ "ඔයා ෆොටෝග්‍රැෆර්නේ, ඔයා කැමති තැනකින් අල්ලලා හදන්නකො" කියලා. ඔන්න ඔක්කොම කිව්වට ඔක්කොම නෙමෙයි කාලා බීලා ඉවර උනාම මේ සාම්ප්‍රදායික ෆොටෝග්‍රැඅෆරුත් වීදුරුවක් දාගෙන ඉන්න ගමන් ෆෝන් එක කනේ ගහගෙන මලකට සෙට් වෙනවා. ඒ අතරෙ පොඩි එකාට කියනවා "උඹ ගිහින් ඩාන්ස් එකේ ෆොටෝ ටිකක් ගහං වරෙන්? කියලා. ඔහොම ඔහොම ගියාම ලගදිම අර පොඩි එකාත් නොබෝදිනකින් කෝක් වලින් එහාට තොල ගාන්න ගන්නව. දැන් දෙන්නා බුදු ෆිට් කියලයි පොඩි එකා හිතන් ඉන්නෙ. ඒ මදිවට අරූගෙ ජීවිතෙත් මාරයි පොඩි එකාට. පොඩි එකාට ෆොටෝග්‍රැෆර්ගෙ (ෆිනෑන්ස් කරල ගත්ත) කාර් එකයි. (ලෝන් ගහලා හද්පු) ගෙදරයි, (මාසෙට 30000 වඩා ගෙවන) ගාලු පාර අයිනෙ ස්ටූඩියෝ එකයි මේ ඔක්කොගෙම අර මම වරහං ඇතුලෙ දාපු ටික ඇර අනික් ටික සුරපුරයක්. ඒ මදිවට ගෑනු 2 වාර්තාමය නොවුනු තරම් ලමයි ගානකුයි. පට්ටයි නේ.
ඔන්න දැන්දැන් පොඩි එකාවත් ඔය බර්ත්ඩේ පාටි වගේ එව්වට තනියම යවන තරමකට හදලා. ඉතින් ඌ හිතන්නෙත් ඌ පොර කියලා. ඒකට තියෙන්නෙ කම්පැක්ට් කැමරාවක්. හැබැයි සමනලයෙක්ගෙ ෆොටෝ එකක් ගත්තත් "අහවලාගෙ ෆොටෝග්‍රැෆි"කියලා ගහගන්නව. කොහෙන්හරි රුපියල් 200-300 ෆොටෝග්‍රැෆි පොතකුත් ගන්නව. දැන් අතේ සල්ලිත් තියනවනෙ. ස්ටූඩියෝ එකෙන්ම ප්‍රොෆෙශනල් ප්‍රයිස්වලට 4R ටිකක් ගහගන්නව ඒකගෙ නමින් කාඩ් එකකුත්. දැ ඌත් පොර.
වෙඩින් එකක ඉන්න ලස්සන කෙල්ලෙක්ට සෙම පෙරලා ඒකට කාඩ් එකක් දීලා දා ගන්නව. අරූට දෙකක් ඉන්නවනෙ! "නෑ.." නැත්තෙ මොකෝ බන්, උඹ දැකලා නැද්ද අරූ කාර් එකේ වීදුරු වහගෙන අර කලුපාට මෙව්ව දාන් යන්නෙ? "ඔව්". ඒ ඒ ගෑනි එක්ක යද්දි තමයි " :O "
ඉතින් මූටත් දැන් කෑලි දෙකක් ඕන ඩුවල් සිම් ෆෝන් එකක් එක්ක.ඔන්න තව වෙන දිහාවක වෙඩිමකින් එච්චර ලස්සන නැති කෑල්ලක් දා ගන්නව, ආතල් එකට. අර පලවෙනි කෑල්ල එක්ක KFC ගාටද්දි , අනික් එක එක්ක ගල්කිස්සෙ බීච් ගාටනව, ආතල් ගන්න. පහුවදාට ආතල් එක යාලුවො එක්ක බෙදාගන්නව. "අඩෝ ඊයෙ බීච් එකේ.................. ****************......." ඌ දැන් ඌට ෆොටෝග්‍රැෆර්. ඒත් දන්නෙ ලාවට වගේ මැනුවල් දාලා ෆොටෝ එකක් ගන්න විතරයි. ෆ්ලෑශ් එක ගහගත්තත් ඒක බැලන්ස් කරගන්නෙත් හෙණ ගේමක් දීලා.

"බොලා හිතුවද මේක නවකතාවක් කියලා. අරූගෙ කෑල්ල ප්‍රෙග්නන්ට් වෙනකන්ද බලන් ඉන්නෙ?" කතාව ඉවරයි.
අන්තීමට අර පොඩි එකාගෙ අනාගතෙත් ඉවරයි.

මල්ලියේ,
මෝඩ වෙන්න එපා. තමාගෙ සීමාව දැනගෙන ජීවත්වෙන්න කොතන ගියත්. හොඳට බලන් ඉන්න, ඒ වගේ ෆොටෝග්‍රැෆර්ලත් වැඩි කලක් දුවන්නෑ. ඔය වගේ පොඩි එවුනුත් එහෙමමයි.

මොකද කියනවනම් මේක ගොතපු කතාවක් නෙමෙයි. 


උපුටා ගැනීම : මමයි කැමරාවයි
මෙහි පුර්ණ අයිතිය සමීර ආර්. මැන්දිස් සොහොයුරාට හිමිය