ඉන්ද්‍රනාත තේනුවරයන් ගේ අපුර්ව නිර්මාණ ආලෝක පින්තාරු



පෞද්ගලික ව ආරාධනා කරන්න බැරි උනාට සමා වන්න.

මේ ඔබ හැමට ම කෙරෙන දයාර්ද්‍ර වූ ආරාධනාව.
ජීවිත කාලෙ ම හරිහම්බ කරපු දේ මාසෙකින් වැය කරල,
පුදුමාකාර විදිහට දුක් මහන්සි වෙලා 
කරපු මේ පින්තූර ටික බලල, 

ගුණ දොස් මූණට ම කියල, 
හිතේ කොණක හරි ඇදක් පලුද්දක් තියේනං,
ඒක ශාලාවෙ දොරකඩ අනෙක් අයට පෑගෙන්නෙ නැති තැනකින් තියල
හිතේ සුද්දෙන් ම ඇතුළට ඇවිල්ල,
හිනාවෙලා කතා කරල යන්න එන්න කියලයි 
මේ ආරාධනාව.
මෙතෙක් මේ සියල්ල කළේ අනුන්ගෙ සල්ලිවලින් නොවන නිසා
මේක බලන්නත් සල්ලි ගන්නෙ නැහැ.
ඒ කියන්නෙ තනිකර ම නොමිලෙ...!
(මගේ නමින් කවුරුහරි සල්ලි ගන්නවානම් දෙන්නත් එපා ඔන්න..)
2014 ජූනි මාසෙ 14 සෙනසුරාදා, 
15 ඉරිදා, 16 සඳුදා
උදේ 9 සිට පස්වරු 7 තෙක්
නිදහසේ බලන්න පුලුවනි.
ආයෙත්..
මේ ඔබට කරන ආරාධනාවයි මේ.


ඉන්ද්‍රනාත තේනුවර෴